www.dailyreporter.lk

එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පාරිභෝගිකයන් පවසනුයේ මේ වන විට එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 480ත් 520ත්, වම්බටු ක්‍රිලෝව 550ත් 600ත්, ලික්ස්, කැරට්, බිට්, ක්‍රිලොව රුපියල් 440ත් 480ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 750ත්, අළු කෙසල් ක්‍රිලෝව 300ත් 320ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, අතර මිලකට අලෙවි වන බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි ප්‍රදේශයේ එළවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ එළවළු තොග මිල ගණන් මේ වන විට ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
එළවළු මිල මෙසේ ඉහල යාමත් සමග එළවළු අලෙවියද පහල බැසිමෙස් පාරිභොගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories