world health organization latest news

නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වය ලෝකය පුරාම මහත් අර්බුදයක් බවට පත්ව ඇති බැවින් වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත සියලුම පුද්ගලයින් පරීක්ෂණවලට යොමු වන සහ යොමු කරන ලෙසයි.

රෝහලට පැමිණෙන පුද්ගලයින් පමණක් කොරෝනා පරික්ෂාවට ලක් කිරිමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරින් ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ ” ඔබට අන්ධව ගින්නක් සමග සටන් කළ නොහැකි.”

” මෙම ගින්න තවත් ඇවිලෙන්න ඉඩ දෙන්න එපා. පරීක්ෂාවකින් තොරව මේ දාමය නතර කිරීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් හැකි සෑම අවිනිශ්චිත පුද්ගලයෙකුම පරික්ෂාවට ලක් කිරීමට සෑම රටක්ම පියවර ගත යුතුයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

More Stories