surasal

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන් ජුලි මස 10 වනදා සිට 24 වනදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මත්පැන් අලෙවි කිරීම සදහා බලපත්‍ර ලත් වයින් ස්ටෝර්ස්, ආපනශාලා, සංචාරක හෝටල් සහ ආගන්තුක නිවාස ආදියෙහි මත්පැන් අලෙවිය සපුරා තහනම් වන බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි.

කතරගම දේවාල පුදබිම තුල සහ ආසන්න ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත 1913 දුරකථනය අංකය පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව පවතින බවද සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Similar Posts