කන්දකාඩු මත්ද්‍රව්‍ය වැරදි පිළිබද ‍රැදවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාධිතයින් 87ක් වාර්තා වී ඇති බවත් මේ වන විට පුද්ගලයින් 339ක් ආසාධිතයින් හමුවී ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(10) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

අනුව ඊයේ(10) දිනයේ පමණක් කොරෝනා ආසාධිතයින් 283ක් වාර්තා වූ බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය. පී.සී.ආර්.පරික්ෂණ සදහා යොමු කළ තවත් පුද්ගලයින් 23 දෙනෙකුගේ ජෛව සාම්පල නැවත පරික්ෂා කරන ලෙස ද දැනුම් දී ඇති බව ද ඒ මහතා පැවසීය.

මේ අතර එහි රාජකාරි කළ තවත් පොලිස් නිලධාරින් 05 දෙනෙකුගේත් සෙසු නිලධාරින් හා ‍රැදවූවන්ගේත් පී.සී.ආර්.පරික්ෂණ ඊයේ (10) සිදු කළ බව ද හෙතෙම වැඩි දුරටත් කීය.

කන්දකාඩු මත් ද්‍රව්‍ය ‍රැදවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි සදහා දායක වූ පොලොන්නරුව ප්‍රාදේශීය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින් 70ක් දෙනාගේ  පී. සී. ආර්.පරික්ෂණ වාර්තා අනුව කොරෝනා වෛරසය ආසාධනය වී නැති බව පොලොන්නරුව වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.

ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ එම නිලධාරින් හා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සෙසු නිලධාරින් ද පොලිස් නිලධාරින් ද ක‍ටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවත් එම නිලධාරින්ගේ පවුල් ස්වයං නිරෝධායනයට ලක් කළ බවත් ය.කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ පොලොන්නරුවේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ විධි විධ කඩිනමින් සලසමින් සිටින බව ද ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories