පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයට සුපුරුදු අලියා ලකුණින් ඡන්දය ඉල්ලිමට තමන්ද පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකා කල්‍යානි සතරසිංහ මහත්මිය පවසයි.

11වන දින පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දිමෙන් අනතුරුව මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දැක්වු කල්‍යානි සතරසිංහ මහත්මිය පවසන ලද්දේ නුවරඑළිඅය දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසකට පුරුදු ඡන්ද ලකුණ තමයි අලියා.

එම නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා අලියා ලකුණින් ඡන්ද ඉල්ලිමට අපි තිරණය කලා මෙවර එක්සත් ජාතික පක්ෂයේන් තරග කරන කණ්ඩායමේ එකම කාන්තාව මමයි අද මේ ප්‍රදේශයේ ජිවත්වන කාන්තාවන් පත්ව ඇති තත්වයන් මා හොදින්ම දන්නවා.

මෙ රටේ කාන්තාවන් සියයට පනස් තුනක් පමන ඉන්නවා එත් පාර්ලීමේන්තුව තුල කාන්තා නියෝජනය අඩුයි එයට හේතුවක් තමයි මැතිවරණවලට කාන්තාවන් ඉල්ලුවත් බොහෝ පිරිසක් කාන්තාවන්ට නිසි අවස්ථාවක් ලබා නොදිම මෙම තත්වයන් වෙනස් විය යුතුයි.

එම තත්වයන් වෙනස් කිරිමටත් මේ රටේ කාන්තාවන් පෙරමුණ ගත යුතුයි එම මා මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාන්තාවන් ඇතුළු පිරිසගෙන් ඉල්ලන්නේ මෙවර මැතිවරණයේදි අලියා ලකුණට ඡන්දය ලබා දිලා මට මනාපයක් ලබා දෙන ලෙසයි.

මට හැකි අයුරින් මේ ප්‍රදේශයේ දුක් විදින ජනතාවට උදවු උපකාර කිරිමටත් එම අයගේ දැවෙන ප්‍රශණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කර එම ප්‍රශ්න විසදිමටත් පියවර ගන්නා බව පවසන්න කැමතිය.

සෙල්ලහේවා – හැටන්

Similar Posts