තමන් සභාපති ලෙස කටයුතු කල කාලය තුලදි හැටන් නගරයේ කසල ප්‍රශ්න සුනඛ ප්‍රශ්න නොතිබුන බවත් මේ වන විට එම තත්වයන්
උග්‍ර තත්වයන්ට පත් විමෙන් ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්ද කුමාර් මහතා පවසයි.
ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
අද නගරයේ තැන තැන කුණු කසල පිරිලා අයාලයේ යන සුනඛයන් වැඩි වෙලා මෙම තත්වයන් මත මේ ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරථාවයන්ට පත් වෙලා ඉන්නේ අද මේ තැන තැන කු ණු කසල ගොඩ ගැසිම් හේතුවෙන් එම ප්‍රදේශයන් තුල මැසි මදුරු උවදුරු ඉහල යාමෙන් එම ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවෙලා තියෙන්නේ.
ඒ වගේම අයාලයේ යන සුනඛයන් වැඩි විමෙන් පාසල් දරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි බියකට පත් වෙලා තියෙන්නේ මගේ පාලන කාලයේ මම තැන තැන කසල බක්කි ඉදි කලා එම කසල බක්කි වලට ඒ ඒ ප්‍රදේශවල ජනතාව කසල දැමිම සිදුකල නිසා තැන තැන කසල දැමිම් සිදුවුනේ නැහැ මගේ පාලන කාලයෙන් පසුව පැමිනි සමහර නිලධාරින් ඒ කසල බක්කි කඩලා ඉවත් කල නිසා අද මාර්ගයට කසල දැමිම් සිදු කරනවා එමෙන්ම මම අයාලයේ යන සුනඛයන් බෝවිම වලක්වාලිම සදහා අවශ්‍ය කටයුතු කලා අද ඒ කිසිවක් සිදු වන්නේ නැහැ.
එදා හැටන් නගරය සාමයේ නගරය ලෙස හැදින්නුවත් අද හැටන් නගරය හදුන්වන්නේ කසල නගරය ලෙසයි මේ වන විට ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවි ඇති හෙයින් ලංකාවේ විවිධ ප්‍රදේශවල පිරිස් මෙන්ම විදෙස් සංචාරකයන් විශාල පිරිසක් හැටන් නගරයට පැමිනෙනවා මේ නගරයේ තැන තැන කසල ගොඩ ගැසිමෙන් එම පිරිස් හැටන් නගරය දෙස බලන්නේ දැඩි අප්පියතාවයකින්.
මගේ කාලයේ ටැක්ටර් තුනක් මහේන්ද්‍ර කැබ් රථයක් ජල බවුසරයක් ගත්තා අද ඒ සියල්ල අබලන් වෙලා මෙයට හේතුව එම වාහන නිසි නඩත්තුවකින් තොරව බාවිතා කිරිමයි මේ සියල්ල වෙනස් විය යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories