ක්ලින් ශ්රිලංකා වැඩ සටහන යටතේ හැටන් ප්රදේශය සුද්ධ පවිත්ර කිරිමේ වැඩ සටහනක් 05වන දින ආරම්භ කරන ලදි.
හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි පුදිප් වීරසේකර මහතාගේ උපදෙස් හා අධික්ෂය මත නුවරඑළිය දිස්ත්රික් පාර්ලීමේන්තු මන්ත්රි හා නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු සභාපති මංජුල සුරවීර මහතාගේ හා නුවරඑළිය දිස්ත්රික් පාර්ලීමේන්තු මන්ත්රිනි කලෙයි චෙල්වි මහත්මියගේ ප්රධානත්වයෙන් මෙම ක්ලින් ශ්රිලංකා වැඩ සටහන ආරම්භ කරන ලදි.
මෙම ක්ලින් ශ්රිලංකා වැඩ සටහන සදහා හැටන් පොලිසිය, හැටන් දික්ඔය නගර සභාව, නොර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු හැටන් හා නුවරඑළිය දිස්ත්රික්කයේ විවිධ රාජ්ය ආයතන, විවිධ ස්වෙච්චා ආයතන, වෙළද ප්රජාව හා ප්රදේශයේ ජනතාවද එක්ව සිටින ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්