කදුකර කොටියකුගේ පහාර කැමට ලක්වු තලවාකැලේ ලිදුල වතුයායේ වතු කම්කරු කාන්තාවක් වැඩි දුර ප්රථිකාර සදහා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කර ඇත.
තලවාකැලේ ලිදුල ලැමලියර් වතුයායේ තේ දළු කඩමින් සිටි වතු කම්කරු කාන්තාවකට එම වතුයායේ සැරි සරමින් සිටි කදුකර කොටියකු විසින් 24වන දින පහාර දිමත් සමග එම කාන්තාව ලිදුල ප්රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල ප්රාදේශිය රෝහලේ නිලධරියකු පවසන ලද්දේ 24වන දින කදුකර කොටියකුගේ පහාර කැමට ලක්වු අවුරුදු 38ක් වයසැති කාන්තාවක් රෝහල් ගත කල බවත්ය.
මෙම කාන්තාවගේ ගෙල ප්රදේශයට මුහුණට හා එක් අතකට බරපතල තුවාල සිදුව ඇති බවත් එම වතුයායේ තේ පදුරු යට සැගව සිටි කදුකර කොටියකු මෙ කාන්තාවට පහාර දුන් බව එම වතුයායේ පිරිසක් පැසු බවද එම නිලධාරියා පවසන ලදි.
රෝහල් ගත කරන ලද මෙම කාන්තාවගේ තත්වය බරපතල බැවින් මෙම කාන්තාව වැඩි දුර ප්රථිකාර සදහා නුවරඑළිය මුලීක රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්