මේ වන විට වතුකරයේ සමහර කාන්තාවන්ට ඉදිරියට ඒමට ඉඩ නොදිම තුලින් එම කාන්තාවන් මුලු ගැන්විලා ඉන්නේ එම කාන්තාවන් ඉදිරියට ගැනිමට පියවර ගත යුතු බව ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාර නිලධාරිනි සරන්නියා මාරිඅප්පන් මහත්මිය පවසයි.
දේශපාලන දැනුමෙන් ඉහළ කාන්තාවන් තුලින් මලයගම්හි නව යුගයක් නිර්මාණය කිරීම යන තේමාව යටතේ හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් දේවස්ථාන ශාලාවේදි ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද කාන්තා හමුවකදි මේ බව පැවසු සරන්නියා මාරිඅප්පන් මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

අද සමහර වතුවල කෝවිල් කමිටුවලට කාන්තාවන් බදවා ගන්නේ නැහැ එත් කෝවිල්වල පවතින විවිධ ආගමික වතාවත්වලට වැඩි පුරම සහභාගිවන්නේ කාන්තාවන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරය ගත් විට මෙහි බොහෝ වැඩ සටහන් සදහා කාන්තා සහාභාගිත්වය අඩු වශයෙන් පවතින්නේ දේශපාලනය ගත්තත් සමාජ ක්‍රියාකාරකම් ගත්තත් කාන්තා නියෝජනය අඩුයි මෙම කාන්තාවන් ගෙදරටම මුලු ගැන්විලා ඉන්නේ එය වෙනස් කල යුතුයි.
අද සමහර අවස්ථාවලදි කාන්තාවන් තුල පවතින ප්‍රශ්නවත් නිසි ලෙස කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ප්‍රිඩෝ ආයතනය ලෙස අපි උත්සහා ගන්නේ මෙම කාන්තාවන්ගේ පවතින විවිධ ප්‍රශ්න කතා කරන්න වේදිකාවක් සකසා දීමටයි.

ප්‍රිඩෝ ආයතනයේ අපි මෙම කාන්තාවන් සමග කතා කරන විටදි මෙම කාන්තාවන් තුල පවතින විවිධ දෂ්කම් හදුනා ගත්තා එම දෂ්කම් මත ප්‍රිඩෝ ආයතනය ලබා දුන් සහය මත මේ වන විට සමහර කාන්තාවන් මල් මාලා හදලා විකුණනවා තවත් සමහර අය කුඩාවට ඇදුම් මැසිම සිදු කරනවා තවත් සමහර අය වඩේ මුරුක්කු හැදිම සිදු කරනවා එවන් තත්වයන් මත එම අය තම පවුලේ ආර්ථිකය නගා සිටුවිමටත් දායකත්වය ලබා දෙනවා.
පසු ගිය මැතිවරණවලදි අපි දුටු දෙයක් තමයි මේ වතුකරයේ කාන්තාවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරිම අඩු මට්ටමක පැවතිම මේ පිලිබදව සොයා බැලිමේදි නිරික්ෂණය වුනේ මේ වතුකරයේ බොහෝ කාන්තාවන් පිට පළාත්වල ගෙවල්වල හෝටල්වල රැකියා සදහා පිටව යාම මෙයත් වෙනස් විය යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts