korea

කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කිරිමට යෝජිත කාන්තාවන් සවිබල ගැන්විමේ පස් අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සමගාමිව සහභාගිත්ව වැඩ සටහන් මාලාවක් පැවැත්විම සදහා පැමිනි කොරියානු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සමග නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අතර හමුවක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි එම නියෝජිත පිරිස පිලිගැනිමෙන් අනතුරුව නුවරඑළිය දිස්ත්‍රික්කය පිලිබදව එම නියෝජිත පිරිස දැනුවත් කිරිමටද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් පියවර ගන්නා ලදි.
එහිදි එම කොරියානු නියෝජිත පිරිස විසින් සතියක කාල සිමාව තුලදි එම නියෝජිත පිරිස විසින් ක්‍රියාත්මක කිරිමට බලාපොරෝත්තු වන ක්‍රියාකාරකම් පිලිබදව දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කිරිමටද පියවර ගන්නා ලදි.
මෙම අවස්ථානව සදහා සෙමාවුල් පදනමේ මෙරට අධ්‍යක්ෂක චෝයි සන් මහතා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න කැළණිය විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ සිසුන් පිරිසක්ද එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories