මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ වන විට පවතින වියළි කාළගුණික තත්වය හමුවේ ජල විදුලි බලාගාරවලට ජලය සැපයෙන ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැසිමකට ලක්ව ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 28යි අගල්08ක් පමන පහල බැස ඇති බවත්ය.

මෙම ප්‍රදේශයන්ට පවතින වියළි කාළගුණික තත්වයන් මත ඉදිරියේදි මෙහි ජල මට්ටම තවත් පහල බැසිමේ අවධානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories