මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන්  කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමින් පවති.

මේ පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශ ආශ්‍රිත  ජල පෝෂිත ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත්ය.

මෙම ජලාශවල ජලය ජල විදුලිය නිපදවිම සදහා අදාල ජල විදුලි බලාගාර වෙත උපරිම ලෙස බේදා හැරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts