පාර්ලිමේන්තු මංගල සැසිය ආරම්භ කිරීමේ උත්සවය චාම් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව ත‍්‍රිවිධ හමුදා ආචාර පැවැත්වීම, ආචාර වෙඩිමුර පැවැත්වීම හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග දෙපස සිට ආචාර කිරීම් ආදිය සිදු නොකරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.

 

Similar Posts