flood

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු තත්ත්වය දක්වා ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.

අද දිනය තුළදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවුවහොත් එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද ඒ මහතා පවසයි.

මේ අතර නිරිතදිග මෝසමේ බලපෑම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් එල්ල වෙමින් තිබේ. ‍

More Stories