gas-blast ada derana news 12.30 today

කෑගල්ල සහ පුත්තලම – ආරච්චිකට්ටුව, ජාඇල  ප්‍රදේශවලින් තවත් පිපිරුම් කිහිපයක් වාර්තාවී තිබේ.

කෑගල්ල – රොක්හිල් – කහටපිටිය ප්‍රදේශයේ නිවසක (28)උදෑසන තේ පානය සඳහා වතුර උණු කිරීමට ලිප දල්වා නිවසේ හිමිකරු නාන කාමරයට ගිය අවස්ථාවේ විශාල පිපිරුම් හඬක් ඇසී බලද්දී ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදුව නොමැති නමුත්, ලිප පුපුරා ගොස් එහි කැබලි මුළුතැන්ගෙයි විසිරී තිබෙන අයුරු නිරීක්ෂණය වී ඇත.

පුත්තලම – ආරච්චිකට්ටුව – වයිරන්කට්ටුව ප්‍රදේශයේදී නිවසක් තුළ ගෑස් සිලින්ඩරයක් ආශ්‍රිත ගිනි ගැනීමක් ලෙස වාර්තා වී තිබෙයි.

නිවැසියා විසින් වෙළදසැලෙන් ලබා ගත් ගෑස් සිලින්ඩරය ලිපට සවි කිරීමට යාමත් සමඟ ගින්න හටගෙන ඇත. ගින්නෙන් නිවැසියන්ට හානියක් සිදුව නැත.

ජාඇල – තුඩැල්ල ප්‍රදේශයේ නිවසකින් ද ඊයේ රාත්‍රියේ විශාල ශබ්දයක් සමගින් ගෑස් ලිප පුපුරා යාමේ සිද්ධියක් වාර්තා විය.

මේ වනවිට රත්නපුර, අලව්ව, වැලිගම, කොළඹ තුරඟ තරඟ පිටිය,පන්නිපිටිය, නිකවැරටිය කෑගල්ල හා පුත්තලම ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපුරුම් වාර්තා විය.

රත්නපුර, අලව්ව, වැලිගම, කොළඹ තුරඟ තරඟ පිටිය,පන්නිපිටිය, නිකවැරටිය, අහංගම ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපුරුම් මින් පෙර වාර්තා විය.

පිපිරුම් සිලින්ඩරවල සංයුතිය නිසා සිදුව ඇතිද යන්න විමසූ වාර්තා අද (29) ප්‍රකාශ කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා ඇත.

Similar Posts