sinhala news

දෙහිවල මුහුදේ කිමිදෙමින් සිටි විසිතුරු මසුන් අල්ලන්නෙකු කිඹුලකුගේ ගොදුරක් බවට පත්ව ජීවිතක්ෂයට පත් ව ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලානේ පදිංචිව සිටි පනස් තුන් හැවිරිදි ජයන්ත පීරිස් නමැති විවාහක එක්දරු පියෙකි.

අඩි 14ක් පමණ දිගකින් යුත් කිඹුලකු විසින් මොහු ඩැහැගෙන යන ආකාරය ධීවරයන් පිරිසක් දැක මොහු බේරා ගැනීමට උත්සාහ කර ඇතත් පපු ප්‍රදේශයට දැඩි ලෙස හානි වී තිබූ මේ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

More Stories