Similar Posts
ජනපති දෙවැනි නිල සංචාරය චීනයේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය චීනයේ නිරතවීමට නියමිතය. චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය. තාක්ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්ෂේත්රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
හමුදාපතිවරයා යොදාගත් ගෝඨාභයගේ දැන්වීමට විරුද්ධව එ.ජා.පයෙන් පැමිණිල්ලක්
ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිත අමාත්‍ය අජිත් පෙරේරා මහතා විසින් වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ නම ඡායාරූපයක් හා ප්‍රකාශයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළ කල පුවත්පත් දැන්වීමක් සම්බන්ධව අද දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කොට තිබේ. එකී දැන්වීම මගින් ධූරය දරණ හමුදාපතිවරයාව ජනාධීපතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ…
සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද(02) පෙරවරු 08 .30ට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු පෙනි සිටින අතර දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබේ. විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. අයහපත්…
මිහින්තලේ කැනීම් වලින් ඓතිහාසික පුරාවස්තු රැසක් හමුවෙයි
මිහින්තලේ අනුලාතිස ස්ථූපය සහ ඒ අවට සිදුකළ කැනීම්වලින් ඓතිහාසික පුරාවස්තු රැසක් හමුව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා සිදුකරන ලද මෙම කැණීම් තුලින් මැටි මංජුසා, හමුවූ අතර එම මැටි බඳුන් තුළ තිබී ලෝහමය ආභරණ හා පපලු වර්ග මෙන්ම පුළුස්සන ලද අස්ථි කැබලි ආදී ෙඑතිහාසික වස්තූන් හමුවී ඇත. මෙම අස්ථී කැබලි රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ ලෙසින්ද සැකයක්…
ගෝඨා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල නීතිපතිගේ ලිපිය නතර කළේ මමයි – පා.ම විජේදාස රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලිපියක් නිකුත් කළ බවත් එම ලිපිය ඉන් ඔබ්බට යාමට ඉඩ නොදී නතර කරනු ලැබුවේ තමන් විසින් බවයි. පසුගිය රජයේ ප්‍රභලයන්ට එරෙහිව නීතිය…
සේවාව අකුරට ඉටු කල පොලිස් නිලධාරින්ට ඇග බේරාගෙන රාජකාරි කිරීමට සිදුවෙයි
අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකු පටු අරගලයක නිරතවීම නිසා සේවාව අකුරට ඉෂ්ඨ කල පොලිස් නිලධාරින් දාහතර දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර දඩුවම් ක්‍රියාත්මක කිරීමට නියෝග නිකුත් කිරීම නිසා සිය රාජකාරි ඇග බේරාගෙන සිදුකිරීමට සිදුව ඇති බව අනුරාධපුර පොලිස් වසමේ පොලිස් නිලධාරින් පිරිසක් අනාවරණය කළහ. කොට්ඨාශයේ උසස් පුටුවක් බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු…