කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ දක්වා පොලිසිය ක්‍රියාත්මකවී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සඳහන් කර සිටිනවා.

අදාල මණ්ඩපය සේම එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුනා.

වසර ගණනාවක් පුරා මෙම ගොඩනැගිල්ල තුළ කුරුණෑගල මහ නගර සභාව විසින් හෝටලයක් ද පවත්වාගෙන ගොස් තිබුණා.

අමාත්‍යාංශ ලේකම්වරයා ගේ උපදෙස් මත මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව හා වාචිකව පැමිණිලි කිරිමට තමන් කටයුතු කරන බවයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

Similar Posts