පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ ආපනශාලාවල අනෙකුත් ආහාර මිල ගණන් ද මේ වනවිට ඉහල දමා තිබෙනවා.
කොත්තුවක් රුපියල් 100කින් ද, පරාටා, බිත්තර රොටි, එළවළු රොටි සහ රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 20ත් අතර මිලකින් ඉහල දමා තිබෙනවා.
සිල්ලර වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 ඉක්මවා ගොස් ඇති අතර එය ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්රකාශ කළේ තොග වෙළඳපොලේ මේ වනවිට තිරිඟු පිටි හිඟයක් ද මතුව ඇති බවයි.