coronaupdates

වළල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත තවත් වරාය සේවකයෙක්, බැංකු සේවිකාවක් හා තවත් එක් අයෙක් හමුවීමත් සමග මතුගම,අගලවත්ත සහ වළල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශවලින් හමුවු කෙරෝනා ආසාධිතයින් ගණන පසුගිය (20) දා වනවිට 37 ක් දක්වා ඉහල ගොස් ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.

වළල්ලාවිටින් පසු ගිය (20) දා හමුවු රොා්ගීන් තිදෙනා අතර කොළඹ වරාය සේවකයෙක්. මතුගම ප්‍රදේශයේ පුද්ගලික බැංකු සේවිකවක්ද වන බව අනාවරණය වීඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.

මීට අමතර කොරෝනා ආසාධිත භික්ෂූන් වහන්සේ හමුවූ මතුගම ඔීවිටිගල විහාරස්ථානයක පිරිවනක වැඩකළ පුද්ගලයෙක් සිටින අතර ඹහු තම ගම වන වළල්ලාවිට ප්‍රදේශයේ ආ ගිය ස්ථාන පිළිබද සොයා බලන බව වළල්ලාවිටසෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts