ලෝකයේ දියුණුම රටවල් ලෙස සැලකෙන ඉතාලිය, ස්පාඥ්ඥය, ජර්මනිය, ප්‍රංශය හා සුවිසර්ලන්තය වැනි  යුරෝපීය රටවල් තුළ කොරෝනා වෛරසය ඉතා කෙටි කාලයක් තුළ විශාල වශයෙන් පැතිරීමත් සමග මුලු ලෝකයම විශාල අවධානමකට පාත්‍ර වී තිබේ.

මේ වන විට ඉතාලිය තුළ පමණක් කොරෝනා රෝගීන් 35,713ක් වාර්තා වන අතර ඉන් 2978 දෙනෙක් මෙම වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ. ස්පාඥ්ඥය තුළ රෝගීන් 14,797ක් වාර්තා වන අතර මිය ගිය ප්‍රමාණය 638ක් වන අතර ජර්මනිය තුළ රෝගින් 12327ක් වූ විට මිය ගිය ප්‍රමාණය 28ක් බව වාර්තා වේ. ප්‍රංශය තුල රෝගීන් 9301ක් වන විට මිය ගිය ප්‍රමාණය 264ක් බව වාර්තා වේ. ස්විසර්ලන්තය රෝගීන් 9134 ක් වන විට මිය ගිය ප්‍රමාණය 33 කි. ඉහත රටවල් පහ තුළ පමණක් මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් ප්‍රමාණය 81,244 ක් වන විට මිය ගිය ප්‍රමාණය 3941 දක්වා ඉහල ගොස් තිබේ.

නමුත්, පසුගිය මාස 3 තුළ චීනය තුළ මෙම වෛරසය ආසදනය වු ප්‍රමාණය 80,894 වූ අතර, ඉන් මිය ගිය ප්‍රමාණය 3237 බව වාර්තා විය. චීනය මෙම වෛරසය සම්පුර්ණයෙන් පාලන කර ඇති බවට වාර්තා වන අතර ඊයේ (18) දිනයේ කිසිදු රෝගියෙකු චීනයෙන් වාර්තා වී නොමැත.

මේ වන විට ලෝකයේ රටවල් 173ක් පුරා පැතිරී ඇති මරාන්තික කොරෝනා වෛරසය පුද්ගලයින් 218,952 දෙනෙකුට මේ වන විට ආසාදනය වී ඇති බව වාර්තා වේ. මින් අඩකට ආසන්න සංඛ්‍යාවක් ඒනම් 84,752 (90%) දෙනෙකු මේ වන විට සම්පුර්ණ සුවය ලැබී ඇතත් මේ වන විට මෙම වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 8952 (10%) දක්වා ඉහල ගොස් තිබේ.

ශ්‍රී ලංකාව තුලත් මෙම වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින අතර, සතියක් තුළ කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 50 ඉක්මවා ගොස් තිබේ. පසුගිය මාර්තු 11 වන දින ශ්‍රී ලාංකික ප්‍රථම කොරෝනා ආසාදිත රෝගියා සොයා ගැනුණු අතර මාර්තු 18 වන විට ඒම ප්‍රමාණය 50 දක්වා වර්ධනය වී තිබුනි.

More Stories