death

පසුගිය මාස 4 තුළ යම් සාර්ථක තත්වයක පසු වූ රුසියාව අද වන කොරෝනා වසංගතයෙන් පීඩා විදින ලෝකයේ තුන්වැනි රට බවට පත් තිබේ. මෙම ලයිස්තුවේ පළමු ස්ථානය තවමත් පසුවන්නේ ඇමරිකා ඒක්සත් ජනපදයයි. ඇමරිකාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 1,408,636 සොයා ගෙන ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 83,425 කි. මෙම රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීම සදහා ඇමරිකාව විසින් පරීක්ෂන කෝටියකට ආසන්න ප්‍රමාණයක් සිදු කර තිබේ.

රුසියාව තුළ මේ වන විට රෝගීන්ගෙන් 232,243  හමුවී ඇති අතර, ඒහි මරණ සංඛ්‍යව 2,116 ලෙස වාර්තා වේ. අනෙකුත් රටවලට සාපේක්ෂව රැසියාවේ මෙම මරණ ප්‍රථිශතය ඉතා අඩු මට්ටමක පවතී. දැනට ලෝකයේ රෝගීන් දෙවැනියට වර්තා වී ඇති ස්පාඥ්ඥයේ ආසාදිතයින් 269,520 වන විට ඒහි මරණ සංඛ්‍යාව 26,920 කි.

රුසියාවේ මරණ සංඛ්‍යාව මෙතරම් විශාල ප්‍රමාණයකින් අඩුවීමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ ඒහි සිදු වන පරීක්ෂණ ප්‍රමාණය විශාල වීම යි. මේ වන විට මිලියන හයකට ආසන්න ප්‍රමාණයක පරීක්ෂණ සිදු කර ඇති රුසියාව ප්‍රථිශතයක් ලෙස  ලෝකයේ වැඩිම පරීක්ෂණ සිදු කළ රට බවට පත්වී තිබේ.

කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වී මේ වන විට මාස 5ක් ඉකමවා ගොස් තිබේ. මෙම කාලය තුළ ලොව පුරා රටවල් 210 ක් කොරෝනා වෛරසය ආසාදිතයින් මිලියන හතර ඉක්මවා ගොස් ඇති අතර මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අයගේ ප්‍රමාණය 292,804 දක්වා ඉහල ගොස් තිබේ.

මේ අනුව ගත් කළ ඉතා කෙටි කලක් තුළ ලොව පුරා මෙම වෛරසය සීග්‍රයෙන් පැතිරෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. නමුත් පසුගිය සුමාන දෙක සමග සංසන්දනය කරන විට මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය යන ප්‍රථිශතයේ සුලු අඩුවීමක් මේ වන විට පෙන්නුම් කරයි. වර්ල්ඩ්ඔමේටර්ස් වෙබ් අඩවියට අනුව ඒය 21% සිට 15% දක්වා අඩුවීමකි.

More Stories