corona-Vaccination

යම් පුද්ගලයකුට කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතී නම් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත නම් එම පුද්ගලයන් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවය.

මේ අනුව දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිතවේ යයි සැක සහිත පිරිස එන්නත ලබාගැනීම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බව කොළඹ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර ඇත.

“යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද ප්‍රයෝජනයක් නෑ. එය සුදුසු නෑ.

 

Similar Posts