රට මුහුණදී ඇති කොවිඩ් 19 අභියෝග හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ගෞරවය හා ආචාරය පුදකිරිමට ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. ඉතිහාසය පුරා අප මුහුණදුන් සහ ජයගත් අභියෝග වලදී ඍජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ රටේ වැඩකරන ජනතාවයි. අතීත සියලු දුෂ්කර අවස්ථා වැඩකරන ජනතාව සමඟ ජයගත් අප කොවිඩ් නයින්ටීන් ද නියත වශයෙන් ජයග්‍රහණය කරන බවයි ජනාධිපතිතුමා ඉන් පෙන්වා දෙන්නේ.
ජාත්‍යන්තර කම්කරු දිනය වැඩකරන ජනතාවගේ එකමුතුකම , ශක්තිය සහ විප්ලවීය ගුණය ලොව හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවක්. ලෝක වසංගත තත්ත්වය නිසා එය සමස්ත කම්කරු ප්‍රජාවටම මෙවර අහිමිවි තිබෙනවා. එසේ වුවත් වඩා යහපත් හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරිමට ඔවුන් තුළ ඇති අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බවයි ජනාධිපතිතුමා විශ්වාසය පළකරන්නේ.