කොවිඩ් 19 සමාජ ගත වීම වැලැක්වීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ මහජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප‍්‍රධානම හේතුවක් වන්නේ මහජනතාවගේ අනාරක්ෂිිත හැසිරීම් රටාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ.

ජනතාව තවදුරටත් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් ඉදිරියේදී කොරෝනා සමාජ ගතවී ඇති බවට නිවේදනය කිරීමට සිදුවෙනු ඇති.

ඒ වගේම මොන තරම් නීති ගෙනාවත් මෙම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. ඒ නිසා සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමයි වැදගත් වන්නේ.” වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කර සිටියා.

Similar Posts