පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින් සිටින බව වාර්තා වේ. දිවයින පුරා සියලු පාසල්වලට පසුගිය 30 වන දා සිසුන් ඇතුළත් කරගැනීම සිදුවූ අතර ඊට සතියක පමණ කාලයක සිට විදුහල්පතිවරුන්ගේ තොරතුරු ලබාගැනීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. මුදල් හා…
මෙවර මහ කන්නයේ වී අස්වන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 3 කින් පමණ පහළ යනු ඇති බවට උපකල්පනය කර ඇතැයි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ, මහ කන්නයේ වී අස්වැන්න මාස 7ක කාලයක් සඳහා ප්‍රමාණවත් වනු ඇති බවයි. රජයේ සහතික වී මිල මේ සතියේ ප්‍රකාශයට පත්කරන බවද අමාත්‍යවරයා…
77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ(02)රාත්‍රියේ නිදහස් චත්‍රරශ්‍රයේදී පැවැත්විණ. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු පිරිසක් සහභාගී විය. මේ අතර, ජාතික නිදහස් දිනය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතන වල සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන්නැයි, රාජ්‍ය…
තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි. එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් වී ඇති බවය. විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පලකළේ පසුගිය දා කොළඹ විජේරාම පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෑතකදී සොයා ගන්නා ලද ග්රහකයක් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර එය පෘථිවියට බලපෑම් කිරීමට කුඩා අවස්ථාවක් ඇතැයි සදහන් කෙරේ. 2024 YR4 ලෙස නම් කර ඇති මෙම ග්රහකය 2032 දෙසැම්බර් 22 වැනිදා පෘථිවියේ ගැටීමේ සුළු ඉඩ කඩක් ඇති බවට යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සහ නාසා ආයතනය සොයාගෙන ඇත. අදාළ ගැටීමට 1.2% ක සම්භාවිතාවක්…
මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි. මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ, ඒ අතරින් 30% ක් ලියුකේමියාවටද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්රිත පිළිකා රෝගයටද ගොදුරුවී ඇති බවයි. මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන අතර ඒ අතරින්…