gabinimaw

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 46දෙනෙකු මියගොස් තිබේ.

එම මරණ මැයි මස 17 සිට ජුනි මස 05 දක්වා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

ඒ අනුව මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටදී හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 204,278ක් දක්වා ඉහළගොස් ඇත.

උදයජීව ඒකනායක දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණී මව්වරුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම මෙම බදාදා (09 වැනිදා) ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ඉල්ලීම මත එන්නත්කරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබේ.

එන්නත්කරණය නිසි පරිදි සිදු කිරීමෙන් ගැබිනි මව්වරුන්ට කොවිඩ් වැළැක්වීම සඳහා එන්නත්කරණය කළ ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි. මෙම බදාදා (09 වැනිදා) පෙ.ව. 9.00ට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පෙ.ව. 11.00ට බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලෙන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර තිබේ.

 

Similar Posts