දෛනිකව කොවිඩ් මරණ හතරක් පමණ වාර්තා වෙයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කොවිඩ් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බවත් එම නිසා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රාවන් නිසි ලෙස ලබා ගන්නා ලෙසත් වසංගත රෝග විද්‍යා අංශය ජනතාවට දැනුම් දෙයි.
විශේෂයෙන් නිදන් ගත රෝග ඇති පුද්ගලයන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් කොවිඩ් එන්නතේ වර්ධක මාත්‍රාව ලබා ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ අවධාරණය කළේය.