පන්නිපිටිය, හයිලෙවල් මාර්ගයේ පාරමී කුලතුංග මාවත ආසන්නයේදි ලොරි රථ රියැදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම පොලිසියේ රථවාහන අංශයේරථ වාහන අංශයේ කොස්තාපල්වරයා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු වූ අයි.රිෆයිඩීන් යන පොලිස් නිලධාරියාවය.
රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ කුඩා ලොරි රථයේ රියදුරාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඔහු රුපියල් ලක්ෂය බැගින් බැගින්වූ ශරීර ඇපයක් මත මුදා හැරිමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුව නැවත අප්‍රේල් මස 05 වන දින නැවත කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව