කොළඹ කුරුඳුවත්තේ පිහිටි රාජ්‍ය ඔසුසල මෙන්ම නගරයේ පිහිටි අනෙකුත් පෞද්ගලික ඔසුසල් වල මුඛ ආවරණ ( මාස්ක්) වැඩි වශයෙන් අලෙවි වන බව වාර්තාවේ.
මුහුණු ආවරණ මිලදී ගන්නේ වැඩිපුරම මෙරට සිටින චීන ජාතිකයින් බවද සදහන් වේ.
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.