වැල්ලම්පිටිය බුත්ගමුව පාර බැන්ඩියාවත්ත ප්රදේශයේ දෙමහල් නිවසක සගවා තිබූ රුපියල් කෝටි 25 ක අධික වටිනා කමකින් යුක්ත වූ මත්කුඩු තොගයක් සහ 3.8 රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග නිවසේ තාවකාලිකව පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසීය .
මෙම නිවෙසේ රහසිගත ස්ථානයක සඟවා තිබූ මත්කුඩු කිලෝග්රෑම් 25 කට අධික ප්රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම නිවසේ අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් හතර දෙනෙකු පදිංචිව සිට ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවත් පොලීසිය පැවසීය.
යුද හමුදා මූලස්ථානයේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම කල බවත් ඉන්දියාවට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා පාතාල කල්ලි නායකයෙක් වන “පූගුඩි කන්නාගේ” විවාහක බිරිඳගෙ සහෝදරියකට මෙම නිවස අයිති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක් වන පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකඒකකයෙහි සහ ශ්රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම් සිදුකර ඇත.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව