gampaha-corona

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක මේ වනවිට යළි කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

අවුරුදු උත්සව පවත්වා ඇති රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 9 දෙනකු සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් ආසාදිතයින් 19 දෙනකු හමුව ඇති බවත් දිවුලපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවකට එක්වූ 44 දෙනකුද මහර කොට්ඨාසයේ කර්මාන්තශාලාවකින් 44 දෙනකුද ආසාදිතයින් බවට හදුනාගෙන ඇති බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා , යළිත් රෝග තත්ත්වයේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් ජනතාව දැඩිව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවද සදහන් කළේය.

මේ වන විටත් කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම අවම කර ගැනිම සදහා දැඩි තීරණ ගැනිමට කොවිඩ් මර්දනය සදහා වන විශේෂ ක්‍රියාකාරි කාර්ය සාධන සමාලෝචන කමිටුව තිරණය කරයි.

ඒ අනුව දැඩි සත්කාර ඒකකවල ඇදන් ධාරිතාව වැඩි කිරිම, රෝගින්ට අවශ්‍ය ඔක්සිජන් ලබාදිම සහ දත්ත රැස්කිරිමේ ක්‍රමවේදය ශක්තිමත් කිරිම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ආරක්ෂිත ඇදුම් සැපයීම, රෝගින්ගේ රෝගි තත්ත්වය අනුව සුදුසු රෝහල් වෙත යොමු කිරිමට අවශ්‍ය සැලසුම් සකස් කිරීිම, ප්‍රතිකාර කටයුතු සදහා ප්‍රාදේශිය හා දිස්ත්‍රික් මට්ටමින් රෝහල් හදුනා ගැනීිම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම ආදීි තීිරණ රැසක් ඊයේ රැස්වු කමිටුව විසින් ගෙන තිබේ.

දැනට සිදුකරනු ලබන දෛනික පී.සී.ආර් පරික්ෂණ ප්‍රමාණය පහලොස්දහස දක්වා වැඩි කිරිීමට ද විශේෂඥ ක්‍රියාකාරීි කමිටුව එහිදී තිීරණය කර තිබේ. නිරෝධානයන නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීිම නීති කඩකරන්නන්ට එරෙහිව දඩුවම් ලබාදිීම ආදි කරුණු කෙරෙහිද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වු කමිටුවේදි අවධානය යොමු වි තිබේ.

Similar Posts