හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල හමුදාව දින ගණනාවක් පුරා අඛණ්ඩව සිදු කරන රොකට් ප්‍රහාර මඟින් ඊයේ වන විට පලස්තීනයේ 4137 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මේ ප්‍රහාරවලින් තවත් 13,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වන බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

මේ අතර පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරය මේ වන විට සිවිල් වැසියන්ගේ අපායක් බවට පත් වී ඇති බවය. ගාසා තීරයට ආධාර ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇතැයි ද එම කාලය දැන් අවසන් වෙමින් පවතින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

More Stories