කොත්මලේ ගැරඩි ඇල්ලෙන් පහලට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කරන ලද තරුණ යුවලක් බේරා ගැනිමට එම ප්‍රදේශයේ පිරිසක් පියවර ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොත්මලේ පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින පුස්සැල්ලාව ප්‍රොටෙක් වතුයායේ වයස අවුරුදු 18ක තරුණ යුවලක් සිය දිවි හානි කර ගැනිම සදහා කොත්මලේ ගැරඩි ඇල්ලෙන් පහලට පැන ඇති බවත්ය.
එම අවස්ථාවේදි එය දුටු ප්‍රදේශවාසින් පිරිසක් විසින් මෙම තරුණ යුවල බේරා ගෙන ඇති බවත් මෙම දෙදෙනා අතර පෙම් සබදතාවයක් මත හට ගෙන ඇති ආරවුලක් මත මෙම දෙදෙනා මෙසේ සිය දිවි හානි කර ගැනිමට තැත් කර ඇති බවට මුලීක පරික්ෂවලින් හෙලිව ඇති බවත්ය.
මෙසේ බේරා ගත් තරුණ යුවල ප්‍රථිකාර සදහා පුස්සල්ලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රථිකාර සදහා ගම්පල මහ රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගෙන ඇති බවත් මේ පිලිබදව කොත්මලේ පොලිසිය වැඩි දුර පරික්ෂන මෙහෙයවන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts