මැතිවරණ ප්රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
ඒ,ප්රචාරක කටයුතු තහනම් කාලයේදී කිසියම් අයෙකු බයිසිකලයක ගෑස් සිලින්ඩරයක් බැඳගෙන රැගෙන ගියහොත් හෝ තරුවක්, මාලිමාවක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්දැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මැතිවරණ දිනයේදී තනි පුද්ගලයෙක් ඡන්ද ලකුණක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීමට හැකි වූවත්, එවැනි සලකුණු ප්‍රදර්ශනය කරමින් කණ්ඩායමක් පෙළපාළියක් ලෙස ගමන් කරන්නේ නම් පොලිසියට තහනම් කිරීමේ හැකියාව පවතින බවයි.