dailyreporter

හැටන් මහනුවර මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේදි සිදුවු ත්‍රිරෝද රථ බස් රථ අනතුරින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වූ ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 18වන දින සවස 5.00ට පමන ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයක් හා නාවලපිටිය සිට ගින්ගත්හේන දක්වා ගමන් කරතිබු ලංගම බස් රථයක් එකිනෙක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්ය.
අංක AAI 0949 දරණ ත්‍රිරෝද රථය ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා ගමන් කරමින් තිබියදි අපරික්ෂාකාරි ලෙස වැන් රථයකට ඉස්සර කිරිමට යාමේදි නාවලපිටිය සිට ගින්ගත්හේන දක්වා ධාවනය වූ අංක NE1616 දරණ ලංගම බස් රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලීක පරික්ෂනවලින් හෙලිව ඇති බවත්ය.
අනතුරට ලක්වු ත්‍රිරෝද රථයේ පාසල් සිසුන් තිදෙනකු පැමිණ ඇති බවත් එම සිසුන් තිදෙනා ත්‍රිරෝද රථයේ රියදුරු හා බස් රථයේ රියදුරු හා බස් රථයේ ගමන් ගත් මගියකුද තුවාල ලබා ඇති බවත් මෙම පිරිස ප්‍රථිකාර සදහා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කල බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ තුවාලකරුවන් අතරින් පාසල් සිසුන් දෙදෙනකු හා ත්‍රිරෝද රථයේ රියදුරුගේ තත්වය බරපතල වීමෙන් එම තිදෙනා වැඩි දුර ප්‍රථිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගත් බවත්ය.
තුවාලකරුවන් අතර සිටි බස් රථයේ ගමන් ගමන් ගත් මගියා, බස් රථ රියදුරු හා පාසල් සිසුවකු ගිනිගත්හේන රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රථිකාර ලබන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts