පාසල් වලට ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය ගෙන ඇති තීරණය ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට පටහැනි හෙයින් ඊට විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.
උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් දිනෙක ප්‍රකාශ කර තිබුණේ පාසල් වලට ගුරු සහායකයින් 50,000 ක් බදවා ගන්නා බවය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා මේ පිළිබදව තවදුරටත් අදහස් දක්වමින් මෙසේද සදහන් කළේය.
මෙම ප්‍රකාශයට මෙරට සමස්ථ ගුරුවරුන් විරුද්ධයි ඊට හේතුව මෙම බදවා ගැනීම රජයේ පාසල් වලට ගුරුවරරු බදවා ගැනීමේ ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් .එක් අතකට මෙය ශ්‍රමය කොල්ලකෑමක් පාසල් වලට ගුරුවරුන් බදවා ගැනීමට අප විරුද්ධ නැහැ හැබැයි ඒ සියලු බදවා ගැනීම් සිදු කල යුත්තේ ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට අනුව විධිමත් ක්‍රම වේදයකටයි.
මීට පෙරද ධර්මාචාර්ය විභාගය සමත් පිරිසක් ගුරු සහයකයින් ලෙස බදවා ගත්තා ඔවුන්ට ගෙවන්නේ රුපියල් 10000 ක වැටුපක් පමණයි.මේ ලාබෙට ශ්‍රමය කොල්ලකෑමක් උසස් පෙළ සමත් වූවන් ගුරු සහයකයින් ලෙස බදවා ගැනීමට යාම මෙරට අධ්‍යාපනයේ ගුනාත්මක භාවය පහත දැමීමක් බන්දුල ගුනවර්ධන අමාත්‍යවයා කර ඇති මෙම ප්‍රකාශ පිලිබදව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ස්ථාවරය කුමක්දැයි අප ප්‍රශ්න කරනවා .