මඩකලපුව , කිරාන් ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිත්තන්ඩි ප්රදේශයේ ගොවි මහතෙකු වන අලි ප්රහාරයකින් මරුමුවට පත්ව ඇති බව කිරාන් වනජීවි කාර්යාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රාසයියා ගනේෂ්වර (58) නම් දරුවන් හතර දෙනෙකුගේ පියෙකි. ඔහු තම කුඹුරේ පැල්පතේ නිදාගෙන සිටියදී මෙසේ වන අලියා පෙමිණ පහරදී මරණයට පත් කොට ඇත.
මඩකළපුව ,පත්තිනි ගම, විනය ගම, සිත් චන්ඩි යන ලිපිනයේ පදිංචි මියගිය රාසයියා ගොවි මහතා පදිංචි මෙම ප්රදේශය නිරන්තරයෙන් වන අලි ග්රහණයට නතු වූ ප්රදේශයක් ලෙස ප්රදේශවාසීහු මැසිවිලි නගති.
මියගිය ගොවි මහතාගේ දේහය වන අලියා පහර දුන් ස්ථානයෙන් ලබා ගැනීමට ද නිලධාරින්ගේ සහය නොලැබුණු බව ද ප්රදේශවාසිහු කියති.කෙසේ වෙතත් මේ පිළිබඳව කිරාන් වනජීවී කාර්යාලයටත් වාලච්චේන පොලිසියටත් දැනුම් දුන් බව ද ඔවුහු කීහ.
බණ්ඩාර මුදියන්සේ – පොලොන්නරුව