ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ගාල්ලේදී පැවති විරෝධතාවයට අද උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර තිබේ.
ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි.
‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එම විරෝධතාවයන් නම් කිරීමට ද කටයුතු කර තිබිණි.