ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ සංවාදයට, සාකච්ඡාවට, වාදයට, විවාදයට, අදහස් හුවමාරුවට, මොනව විදියකටවත් පුරුද්දක් නැති මනුස්සයෙක්. ගෝඨාභයගේ සංස්කෘතිය සමන්විත වෙලා තියෙන්නේ, තුවක්කු බටෙන්. ඔහු දන්න එකම ශිල්පය තමයි, තුවක්කු බටෙන් කොහොමද වෙඩි උන්ඩයක් නිකුත් කරන්නේ කියලා.
මේක තමයි ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා ස්වභාවයෙන්ම අතීතයේ දක්වමු අත්දැකීම් අනුසාරයෙන් තමන්ට ආරෝපනය කරගෙන තියෙන ගුණාංගයන්. ඒ ඇරෙන්ම වෙන කිසිම දෙයක් ගෝඨාභයගෙන් ජනතාවට දකින්න පුළුවන් වෙන්නේ නැහැ.”
ප්රවීන ලේඛක, දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මේ අදහස් පැවසුවේ 2019 ඔක්තෝම්බර් මස 22 වෙනි දින මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවති ප්රජාතන්ත්රවාදය සුරකිමු ආඥාදායකත්වය පරදමු යන මැයෙන් වූ සම්මන්ත්රණයේදීයිි. මෙම සම්මන්ත්රණය සඳහා මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නප්රිය, කේ.ඩබ්.ජනරංජන නිස්සංක දිද්දෙණිය, රාජා උස්වැටකෙයියාව වැනි පිරිසක් සහභාගි වී සිටියහ.
වීඩියෝව පහතින්…