ඇදිරි නිතිය පැවති කාලය තුලදි මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ හපුගස්තැන්න ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබු කසිප්පු පෙරිමේ මධ්‍යස්ථානයක් වැටලු මස්කෙළිය පොලිසිය කසිප්පු පෙරිමට උපයෝගි කර ගන්නා ගෝඩා ලිටර් 30ක් සමග එක් සැකකරුවකු සැක පිට අත් අඩංගුවට ගෙන ඇත.
ඇදිරි නිතිය පනවා තිබෙන විට හපුගස්තැන්න ප්‍රදේශයේ නිති විරෝධි ලෙස කසිප්පු පෙරිම සිදු කරන බවට ලැබුන තොරතුරක් මත 05වන දින කරන ලද වැටලිමකදි එම ස්ථානයේ තිබි ගෝඩා ලිටර් 30 දමා තිබු පලාස්ටික් බුලී සමග එක් පුද්ගලයකු සැක පිට අත් අඩංගුවට ගත් බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි.
අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
හැටන් – මනුර සුදත් සෙල්ලහේවා