පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව වාර්තා වී ඇති සමස්ත ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති අතර ඉන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ.

පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දා සිට අගෝස්තු 1 සෙනසුරාදා දක්වා ගත වු මාස පහක කාලයේදී රට තුල වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 1006 කි. එයින් 547 ක්ම සම්බන්ධයෙන් පොහොට්ටුවට විරුද්ධව පැමිණිලි ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා 173 ක් සම්බන්ධයෙන් චෝදනා ලබමින් දෙවැනි තැනට පැමිණ ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයයි.

පැමිණිලි කරන්න

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි කිරීම සඳහා පහත විස්තර ප්‍රයෝජනයට ගන්නා මෙන් CMEV සම්බන්ධීකාරක මංජුල ගජනායක  ඉල්ලා සිටී.

160, පූර්වාරාම පාර, කිරුලපොන කොළඹ 5

දුරකතනය: 011 2826384, 011 2826388

ෆැක්ස්: 011 2826146

ඊමේල්: [email protected]

More Stories