මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය දෙස බලන විට මෙය විහිලුවක් බවට පත් වෙලා තියෙන්නේ එම නිසා මෙවර ඡන්දය බාවිතා කිරිමේදි මේ ජනතාව ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කල යුතු බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මෙසේද පවසන ලදි.
අද සමහර පක්ෂවලින් ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂයන් දෙස බලන විට මෙම හොදින් පෙනෙනවා පවුල් පාලනය පවුල් පාලනය බව පවසමින් පසු ගිය කාලයේ කැගැසු සමහර පක්ෂද මෙවර අපේක්ෂයන් ඉදිරිපත් කිරිමේදි තාත්තා පුතා, සැමියා බිරිද, මස්සිනා මස්සිනා, ආදි වශයෙන් පත් කර තියෙනවා.
මේ නුවරඑළිය දිස්ත්‍රික්කය ගත් විට මෙම දිස්ත්‍රික්කයෙන් තෝරා ගන්නේ මංත්‍රිවරුන් 08 දෙනායි ඒ අට දෙනාට යන්න ප්‍රධාන පක්ෂ 17කින් හා ස්වාධිණ කණ්ඩායම් 11කින් තුන්සිය අට දෙනෙක් තරගයට ඇවිත් එම නිසායි මම මුලින් කිවේ මෙවර ඡන්දය බාවිතා කිරිම ඉතාමත් බුද්ධිමත්ව කල යුතුයි කියලා.
පසු ගිය කාලයන් තුලදි මෙහි කටයුතු කල සමහර දේශපාලකයන් මෙම ප්‍රදේශයට කරලා තියෙන්නේ මොනවාද කියන එකත් ප්‍රශ්ණයක් අදවන විට සමහර පාරවල්වල යන්න බැහැ ඒ පාලවල් කැඩිලා සමහර පාසල්වල ලමයින්ට බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ යන්න හරියට වැසිකිලියක් නැහැ මෙම තත්වයන් මත එම පාසල් ලමයි විවිධ දුෂ්කරථාවයන්ට පත් වෙලා ඉන්නේ.
වතු කරය ගත් විට සමහර වතු කම්කරුන් විවිධ ප්‍රශ්න මත දැඩි දුෂ්කරථාවයන්ට පත් වෙලා ඉන්නේ ඔවුන් පත්ව ඇති ආර්ථිකය ප්‍රශ්න මත එම වතු කම්කරුවන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ වතු කම්කරු ඡන්දයෙන් පාර්ලීමේන්තු ගිය සමහර අය මෙම ප්‍රශ්න දෙස නිසි අවදානයක් කරන්නේ නැහැ හැම ඡන්දයකදිම ඡන්දය ඉල්ලන අය අරක කරන්කනම් මේක කරන්නම් කිවුවට ඡන්දයෙන් ජන ගත් පසුව කියපුවා අමතක කිරමයි කරන්නේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts