රා බෝතලයට මත් පැන්වලට වතු කම්කරුවන් ඡන්දය නොදෙන බව වතුකරයේ සමහර දේශපාලකයන් අද පැවසුවද මේ වතුකර ජනතාවගේ ඡන්දය ලබා ගැනිම සදහා මත් පැන් ලබා දිම ආරම්භ කලේත් මේ වතු කරයේ සමහර දේශපාලකයන් බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මෙසේද පවසන ලදි.
අද වතුකරයේ සමහර දේශපාලකයන් රා බෝතලයට හා මත් පැන්වලට වතුකරයේ ජනතාව තම ඡන්දය නොදෙන බව පවසමින් දැඩි කතා බහාක් ආරම්භ කරලා තියෙනවා එත් මේ අයට මතක නැහැ මේ වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබා ගැනිම සදහා මත් පැන් ලබා දීම ආරම්භ කලෙත් මේ වතුකරයේ සමහර දේශපාලකයන් බව.
අපිට මතකයි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේම සමහර දේශපාලකයන් පසු ගිය මැතිවරණවලදි මේ වතු කම්කරුවන්ගේ ඡන්දය ලබා ගැනිමට මෙන්ම ඔවුන්ගේ දේශපාලන රැස්විම්වලට පෝස්ටර් ගැසිම් වැනි විවිධ ප්‍රචාරක වැඩවලට මේ වතු කම්කරුවන් රැගෙන යාම සදාහා අරක්කු කාලයි කැම පාර්සල් ලබා දිපු හැටි.
නුවරඑළිඅය දිස්ත්‍රික්කයෙන් ආරම්භවු එය පසුව බදුල්ල, රත්නපුර, කැගල්ල, මහනුවර, වැනි වතු කම්කරුවන් බහුලන සිටින දිස්ත්‍රික්කවලටත් ව්‍යාප්ත වුන හැටිත් අපිට මතකයි එම තත්වයන් මත මේ වතු කම්කරුවන් මතට හුරු කිරිමේ වගකිමත් මෙකි සමහර දේශපාලකයන් බාර ගත යුතුයි.
මෙය නතර කිරිමටනම් මේ සියළුම දේශපාලකයන් එක්ව කටයුතු කල යුතුයි එත් එය කොතෙක් දුරට සාර්ථකවේද යන්න ප්‍රශ්නයක් මොකද අද සමහර අය මෙයට දැඩි ලෙස හුරු වෙලා ඉන්නේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts