dailyreporter

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදීමට ප්‍රථම ඔවුන්ට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම සඳහා සියලුම බුද්ධි ඒකකවලින් බුද්ධි වාර්තා කැඳවා ඇත.

එම බුද්ධි වාර්තා අනුව අපේක්ෂකයන්ට ඇති තර්ජනය ගැන වෙන වෙනම විශ්ලේෂණය කිරීමට තීරණය කර තිබේ.

මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන සිව් දෙනාට ඡන්දය පැවැත්වෙන කාලසීමාවේ ආරක්ෂාව සැපයීම සම්බන්ධව බුද්ධි වාර්තා කැඳවා ආරක්ෂාව සැපයිය යුතු ආකාරය පිළිබඳ විශ්ලේෂණය කරමින් ඇත.

අනෙකුත් අපේක්ෂකයන්ට ආරක්ෂාව සැපයීම ලබන 15 වෙනිදායින් පසුව තීරණය කිරීමටත්, දැනට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ආරක්ෂාව සැපයීමට ඔවුන්ට ඇති තර්ජනය විශ්ලේෂණය කිරීම සඳහා වෙන වෙනම බුද්ධි වර්තා කැඳවා ඇත.

Similar Posts