මෝටර් රථයක් ලීසිං සමාගමක සීසර්වරුන් විසින් පැහැරගෙන යාමට තැත් කිරීමේ දී එම සීසර්වරුන් නිට්ටඹුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත.
මෝටර් රථය පැහැරගෙන යාමට අදාළ ලීසිං සමාගම විසින් සීසර්වරුන් පැමිණි අවස්ථාවේ දී මෝටර් රථයේ හිමිකරු පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර වහාම ක්රියාත්මක වූ පොලීසිය පැහැරගැනීමට පැමිණි පුද්ගලයින් අත් අඩංගුවට ගෙන ඇත.