1948 පෙබරවාරි 4 වැනිදා අප රට ලැබූ දේශපාලන නිදහස පරිපූර්ණත්වයට පත් කරමින් අධිරාජ්‍යවාදී වහල් බැම්මෙන් අප රට නිදහස් වෙමින් ශ්‍රී ලංකාව ස්වෛරී ජන රජයක් බවට පත්වී අදට (22) අවුරුදු 52ක් සපිරෙයි.

සෛවරී ශ්‍රී ලංකා ජන රජය ප්‍රතිෂ්ඨාපනය වුණේ 1972 මැයි 22 වැනිදායි.

1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් බලයට පත්වූ රජය ජනතාවට දෙන ලද පොරොන්දුවක් අනුව ශ්‍රී ලංකා ජනරජය බිහි කළ අතර ඒ සඳහා එවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඇමැතිවරයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ඒ සඳහා විශාල මෙහෙවරක් කරනලදි.

Similar Posts