ජනාධිපතිට හා රජයට ඉල්ලා අස්වන රෙලස බල කරමින් ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් 10වන දින හැටන් මල්ලීඅප්පුව ප්‍රදේශයේදි පවත්වන ලදි.
මෙම උද්ගෝෂන පිලිබදව අදහස් දැක්වු ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කේ. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ මෙරට පවතින ආර්තික අර්බුදය නිර්මාණය කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා වත්මන් රජය ඉල්ලා අස්විය යුතු බවත්ය.
මේ වන විට පවතින ආර්ථික අර්බුදය මත මෙහි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එම ජනතාවට මෙම ජනාධිපති හෝ රජය සහන ලබා දිමට පියවර ගෙන නොමැති බවත් එම තත්වයන් මත මෙම ජනාධිපති හා රජය ඉල්ලා අස්විය යුතු බව පවසමින් තම සංගමය මගින් මෙම උද්ගෝෂන පවත්වන බවද මෛයිදිලි මහත්මිය වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා