විවිධ සංගම් සමග ඔවුන්ගේ ප්‍රශ්න පිලිබදව සකච්චා කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මතක්වි ඇත්තේ ජනාධිපතිවරණය ලංවන විට බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ සංගම්වල පිරිස් විවිධ වෘත්තියවේදින් හමුවෙමින් ඔවුන්ගේ පවතින විවිධ ප්‍රශ්න පිලිබදව සකච්චා කරනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වෙලා මේ වන විට අවුරුදු දෙකක් වනවා එත් ජනාධිපති මැතිවරණයට දින නියම කරන්න පෙර ඔහුට මේ ප්‍රශ්න ගැන කතා කරන්න මතක් වුනේ නැහැ.
මධ්‍යම පලාත තුල රැකියා විරහිත උපාධිධාරින් විශාල පිරිසක් ඉන්නවා දැන් මේ අය සමගත් සකච්චා කරනවා එත් පසු ගිය කාලය තුල මේ අයට රැකියා ලබා දෙන්න නිසි වැඩ පිලිවෙලක් සකස් කලේ නැහැ දැන් මේ කරන්නේ තනිකර මැතිවරණය ඉලක්ක කර ගෙන කරන වැඩ පිලිවෙලක්.
මධ්‍යම පලාත තුල දැඩි ගුරු හිගයක් පවතින අතර තවත් බොහෝ ආයතනවල විවිධ රැකියා පුරප්පාඩු පවතිනවා එම පුරප්පාඩු සදහා මේ රැකියා විරහිත උපාධිධාරින් පත් කරන්න පුලුවන් එත් එය නිසි කලේ නැහැ දැන් නිකන් බොරුවට සකච්චා කරනවා මට දැනගන්න ලැබුනා මේ රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් මානව හිමිකම් නඩු පැවරිමට යන්න සුදානමින් ඉන්න බවත්.
අද වන විට බඩු මිල දිනෙන් දින ඉහල යමින් පවතිනවා මෙම තත්වයන් මත ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ එත් මේ ඉහල යන බඩු මිල පාලනය කිරිමට කිසිම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වන්නේ නැහැ ඡන්දය බලා ගෙන බොරුවට විවිධ පිරිස් හමුවෙමින් සකච්චා කරන එක විතරයි දැන් කරන්නේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts