ජා ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කොවිඞ් 19 ආසාදිත සිදුවීම් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින්ටත් පි.සි. ආර් පරික්ෂණ කිරිමට එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගනමින් සිටින බව වාර්තා වේ.

ජා ඇල- සුදුවැල්ල ප්‍රදේශයෙන් කොවිඞ් 19 ආසාදිත වු ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා ගැනීමත් සමඟ එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණි. එහිදි තවත් ආසාදිතයින් හමුවීමත් සමඟ ශ්‍රි ලංකා නාවික හමුදාවේ නිලධාරින් එහි ගොස් ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි.

මෙම මෙහෙයුම් කටයුතු වලදි නාවික හමුදා නිලධාරින්ටද කොඞ්ඞ් 19 වෛරසය ආසදනය වී ඇති බව තහවුරු වුයේ මීට දින කිහිපයකට ඉහතදීය.

දැන් මේ වන විට නාවික හමුදාවේ 135 කට වැඩි පිරිසකට මෙය ආසාදනය වි තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සුදුවැල්ල සිදුවීම් මාධ්‍ය ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදීන්ගේ තොරතුරු මේ දිනවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් රැස් කරමින් සිටියි. ඒ ඔවුන්ද අවදානම් පුද්ගලයින් ලෙස හඳුනා ගෙන ඇති බැවිනි.

ඉදිරි දිනකදි ඔවුන්ව පි.සි.ආර් පරික්ෂය සඳහා යොමු කිරිමට නියමිතව ඇත.

ශානිකා මාධවී

More Stories